හන්තාන කඳුවැටිය එදා වාගෙයි අදත්..



හන්තාන කඳුවැටිය එදා වාගෙයි අදත්.. 

මහවැලිය පුරුදු සේ ගලා යාවි හෙටත්

සරසවියෙ තුරු වදුලු මිලින වී නෑ තවත්

ඒත් අද කුමරියේ ඔබ කොහිද මා කොහිද…


එදා අප පෙම්වදන් දෙඩූ ලිය මඬුළු යට

පෙම්වතුන් පෙම් වදන් දොඩනවා..

අප සමග එදා සිටි අවන්හල දෙසුම්හල

පුරුදු සේ.. බලාගෙන ඉන්නවා…


මේ බිමේ සැඟව ඇති සිව් වසක අතීතය

යළි යළිත් මතකයට නැගෙනවා..

මහත් වෙහෙසක් දරා සඟවන්න තැත් කළත්

නෙතු අගට කඳුළු බිඳු නැගෙනවා…

  • පද : උපාලි මල්දෙණිය
  • නද : ඩැනිස්ටර් පෙරේරා
  • හඬ : අමරසිරි පීරිස්
ගීතය අහන්න

0 Comments

Post a Comment

Post a Comment (0)

Previous Post Next Post