මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි..
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි..
වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා
ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී යනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා..
- පද : ප්‍රේමකීර්ති ද අල්විස්
- හඬ : මර්වින් පෙරේරා
මේ නගරය ගීත විචාරය - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මික බණ්ඩාර
Post a Comment