සමනල වැව පුරවන්නට..


සමනල වැව පුරවන්නට බෙලිහුල්ඔය ගලා ඇවිත්
ආදර කඳු තරණය කර දෙහදක් අද වෙන්ව ගිහින්
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා..
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා..

පහන් තරුව පායා විත් ඔබ එන බව පවසන විට..
සරසවියේ රෑනින් ඔබ ඉගිල ගිහිල්ලා..
සුවඳ හදේ රඳවලා.. යන්න ගිහිල්ලා
සුවඳ හදේ රඳවලා.. යන්න ගිහිල්ලා

පෙරදින අප හමුවූ තැන නටබුන් පමණකි කඳුළක
කඳු අතරේ වලා රොදක ඔබ සැඟවීලා
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා

පද : ඉන්ද්‍රසිරි සුරවීර
හඬ : කරුණාරත්න දිවුල්ගනේ



0 Comments

Post a Comment

Post a Comment (0)

Previous Post Next Post