සඳ තරු නිහඬයි..


සඳ තරු නිහඬයි..

ගහකොළ නිසලයි

මුළු ලොව සැතපෙයි

සිතිවිලි විතරක් අවදිවෙලා..


පියා නුවන් යුග නිවා කැළුම් සිත

සැතපෙන්නට වෙර දරන පැයේ..

පාළුව තනිකම කුටියට අවුදින්

හදවත අවදි කළා..


මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර

සිහිනයකින් මෙන් ගලා රැයේ

සෙනෙහස හඬවා මතකය ඉකිබිඳ

හදවත අවදි කළා…




0 Comments

Post a Comment

Post a Comment (0)

Previous Post Next Post