කොළොම්තොට නැත මහළු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා..!
බලන් කැඩපත සොඳුරියේ
කුඹ ගසක් උඩ නැවතිලා..
සිනා සළමින් සඳේ ඇයි සරදම්.,
බලන් කැඩපත සොඳුරියේ..
පාට වත්සුණු දෙකොපුලෙන් පිසදා..
පෙරුම් පුරමින් හමුවෙලා…
උනුන් රහසින් බැන්ද ආදර පෙම්..
බලන් කැඩපත සොඳුරියේ..
කුමන අරුම ද නර කෙසක් නැඟිලා..
කොළොම්තොට ගීතයේ සැබෑ අර්ථය විඳින්න මෙතැනින්..
පද : ලූෂන් බුලත්සිංහල
නද : ගුණදාස කපුගේ
හඬ : ඩබ්ලිව්. ඩී. අමරදේව
إرسال تعليق