අඳුර බිඳින්නට රැයක් දවාලූ
ලන්තෑරුම් නිවලා
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳ හැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා
මතකය නම් වූ මළ පොත පෙරලා
මළ ගිය ඊයේ සිහිපත් කළ මැන
පැතූ පැතුම් අත් මිට මොළොවා ගත්
දෑතෙහි දසැඟිලි දිග හැර ලනු මැන
එහි මොනවද ඇත්තේ කිසිත් නැත
හිස් බවෙකිය ඇත්තේ…
සමුදුරු ගිරිහෙල් දෙරණ තලා මැද
යෞවන විය පියවර තබනා සඳ
හිස් වන හද විත සපුරා ගන්නට
මියැසි විරාමය යළි පැමිණී ඇත
අරුමෙකි පැවසෙන්නේ
එපමණයි පිළිසරණය වන්නේ..
පද: ප්‍රේමකීර්ති ද අල්විස්
හඬ සහ නද: වික්‍ටර් රත්නායක

إرسال تعليق